Sunday, September 10, 2017

ඔබේ දරුවා ජනප්‍රිය පාසැලකට ඇතුළත් කරගන්නේ කෙසේද?



සිරි ලංකාව නිදහස් අධ්‍යාපනයක් ඇති රටක් බව කුරුටුගාමීන්ද, පෙරටුගාමීන්ද, රතු සෙට් එකද, රට්ටුන්ද, පාලකයින්ද නිතර කියනා දෙයක්ය.  හැබැයි ඒකත් හරියට අර රටේ නම වාගේමය. සිරි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යැයි නම තිබුණාට මෙහේ ඇති රෙද්දේ සමාජවාදයක් නැත්තේය. ඇත්තේ සමාජ වද පමණි.  මෙහෙ ඇති හැම දේම එහෙමය. ඇත්තේ නමට පමණි. නොමිල සෞඛ්‍ය සේවයක් කියා දෙයක් ඇතද ඉස්පිරිතාලයට ගියවිට නොමිලයේ ලැබෙන්නේ දොස්තරගේ පරීක්ෂාව පමණි. දිළිඳු සහණාධාර කියා ලැබෙනා සොච්චං සමෘද්ධියද බාගෙට බාගයක් ගන්නේ යමක් කමක් ඇති එවුන්ය. සුදුසුකමට රස්සා දෙනවා කියා සම්මුඛ පරීක්ෂණ තිබ්බාට වැඩිහරියක් රස්සාව දෙන්නේ සම්මුඛ පරීක්ෂණයට පෙර හෝ පසුව පුද්ගලිකව සම්මුඛ වන එකාලාටය. නැතිනම් එකීලාටය. ඉතින් යථාවාදී තථාකාරී ගුණයෙන් පරිපූරණ මෙහෙව් රටක නිදහස් අධ්‍යාපනයක් කියා දෙයක් බලාපොරොත්තු වන අපිටත් පිස්සුය.