Wednesday, August 3, 2016

ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ සිට ශ්‍රීමත් මදන මෝදකය දක්වා



ශ්‍රීමත් යනු එංගලන්තයේ රජුගෙන් හෝ රැජිනගෙන් ලැබෙන නම්බු නාමයකි. මෙය ඉංග්‍රීසියෙහි භාවිතා වන්නේ සර් යනුවෙනි. මෙය පිරිනමන්නේ එසේ මෙසේ අයට නොවේ. ලෝකයට වැදගත් සේවයක් සිදුකළ අයටය. ගුරැත්වාකර්ෂණය සොයාගත් අයිසැක් නිව්ටන්ට මහ රැජින විසින් ශ්‍රීමත් නාමය පිරිනමනු ලැබීය. ක්‍රිකට් ක්‍රීඩාවේ රිචඩ් හැඩ්ලි, ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, විවියන් රිචර්ඩ්ස් වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින්ට ශ්‍රීමත් නාමය පිරිනමා ඇත. ලංකාවේ ශ්‍රීමත් නාමය ලැබූ කිහිපදෙනෙකි. විද්‍යා ප්‍රබන්ධ කතුවර ආතර් සී ක්ලාක් මහතාටද ඒ ආකාරයෙන් මහ රැජිණ විසින් ශ්‍රීමත් නාමය පිරිනමනු ලැබීය. එසේම ජෝන් කොතලාවල, ඩී. බී. ජයතිලක වැනි අයද එංගලන්ත රජුගෙන් හෝ රැජිණියගෙන්  ශ්‍රීමත් (සර්) නාමය ලැබූ අය වෙති.